/
/
title icon
කෝටි ගණනක අයිස් සමග සලිඳුගේ නිලංගගේ සමීපතමයෙක් අත්අඩංගුවට
කෝටි ගණනක අයිස් සමග සලිඳුගේ නිලංගගේ සමීපතමයෙක් අත්අඩංගුවට
Editor
1 year ago
Share:
කෝටි ගණනක අයිස් සමග සලිඳුගේ නිලංගගේ සමීපතමයෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කුඩු සලිඳුගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වුණා.  

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර - අළුබෝමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. 

එහිදී ඔහු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 40 ක්ද මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බව සඳහන්.  

31 හැවිරිදි පානදුර - දික්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.  

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන කුඩු සලිඳු නැමැත්තාගේ ප්‍රධාන සමීපතමයෙකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන නිලංග නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.  

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති බව සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required