
මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා සඳහන් කළේ අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ මේ වසරේ අගෝස්තු මාසයේදී බවයි.
ආසියානු සංවර්ධන බැංකු සමඟ එක්ව සිදුකරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් වැඩිදුරටත් කියා සිටියා.