
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
එහි දැක්වෙන්නේ ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 2,000 ක් විය යුතු බවයි.
ඊට අමතරව ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25 ක් ලෙසත් භෞතික ලේඛන මගින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500 ක් ලෙසත් අය කෙරෙනු ඇති.
මීට අමතරව ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000 ක් විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් 10,000 ක් ලෙසයි.
එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස අය කළ රුපියල් 2,000 ක මුදල රුපියල් 3,000 ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.