
බස් රථ අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අහිමි වන බව වාර්තා වනවා.
වාර්ෂිකව ශ්‍රී ලංගම බස් රථ 1,500 ක් පමණ විවිධ අනතුරුවලට ලක්වන බවයි එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා කියා සිටියේ.
ඒ අතරින් 60ත්, 70ත් අතර සංඛ්‍යාවක් මාරක රිය අනතුරු ලෙස වාර්තා වන බවයි ඔහු සඳහන් කළේ.
මෙලෙස අනතුරට පත්වන බස් ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීමට ගතවන කාලසීමාව වැඩි බැවින් එම කාලයේදී අහිමිවන ආදායම ද සැලකිල්ලට ගත්විට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක අලාභයක් මණ්ඩලයට සිදුවන බව එරන්ද පෙරේරා මහතා පෙන්වා දුන්නා.
එලෙස සිදුවන අනතුරු සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ලංගම රියැදුරන් හට ආරක්ෂාකාරී රිය ධාවනය පිළිබඳ තාක්ෂණික ක්‍රමවේද සහිත පුහුණු පාඨමාලාවක් දැනටමත් ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.