
වවුනියාව - සෙට්ටිකුලම - ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වනඅලි දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
වයස අවුරුදු 15 ක සහ 20 ක වනඅලි දෙදෙනෙකු මෙලෙස දුම්රියේ ගැටී මියගොස් ඇති බවයි වවුනියාව වනජීවි කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියේ.
මීට පෙරද එම ස්ථානයේදී වනඅලි කිහිපදෙනෙකු දුම්රියේ ගැටී මියයාමේ සිදුවීම් වාර්තා වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.