
බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඒ, මොරටුව - පීරිස් පිරිස් මාවත ආසන්නයේයී.
පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මොරටුව පොලීසිය කියා සිටියේ මියගිය පුද්ගලයා උස අඩි 5 ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් ඇති, කොණ්ඩයට කොටට කපා ඇති, දකුණු අතේ වැලමිට අසලින් ඉවත්වී ඇති අයෙක් බවයි.
ඔහු කළු පැහැති කොට කලිසමක් හා දුඹුරු පාට ටී-ෂර්ට් එකක් හැඳ සිටියදීයි සිරුර සොයාගෙන ඇත්තේ.