/
/
title icon
හොර නැතිව බදු ගන්න අලුත් වැඩක්
හොර නැතිව බදු ගන්න අලුත් වැඩක්
Editor
1 year ago
Share:
හොර නැතිව බදු ගන්න අලුත් වැඩක්

 

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත්  ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.  

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මෙම තොරතුරු පද්ධතිය රැම්ස් ලෙස නම් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වන අතර, බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම රැම්ස් පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වනු ඇති.

එසේම, එමගින් ආදායම් බදු නොගෙවා පැහැර හරින පුද්ගලයින් අනාවරණය කර ගැනීමටත් හැකියාව හිමිවනවා. ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමටත් අවස්ථාව සැලසෙනවා.  

මීට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී තිබෙනවා.  

කෙසේ වෙතත්, නිලධාරීන් විදෙස් රටවලටද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පුහුණුව දී තිබුණත් නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසුව සාගල රත්නායක මහතාට උපදෙස් දී ඇත්තේ මෙම රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන යන ලෙසයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required