
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ඊයේ සහ අද අලුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.