
ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග වෙන වෙනම සාකච්ඡා කිරීම කණ්ඩායමේ සමගියට බාධාවක් බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුවයි එම කටයුතු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට තීරණය කර ඇත්තේ.
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට විපක්ෂයේ පොදු සන්ධානයකින් තරග කිරීම කෙරෙහි එම කණ්ඩායමේ අවධානය මේ වනවිටත් යොමුව තිබෙනවා.
ඒ සඳහා වන මූලික පියවරක් ලෙසයි මෙම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ඡාවලට සම්බන්ධ වි එහි ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරනු ඇති.