/
/
title icon
චීන පර්යේෂණ නෞකාව අද පරීක්ෂණවල - නාරා නිලධාරීන් සහයට එක්වෙයි
චීන පර්යේෂණ නෞකාව අද පරීක්ෂණවල - නාරා නිලධාරීන් සහයට එක්වෙයි
Editor
1 year ago
Share:
චීන පර්යේෂණ නෞකාව අද පරීක්ෂණවල - නාරා නිලධාරීන් සහයට එක්වෙයි

‍දිවයිනට පැමිණ ඇති "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසනවා. 

එහි නිලධාරීන් සිව්දෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතු සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකුද අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතව ඇති බව සඳහන්. 

පසුගිය 25 වැනිදා "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව දිවයිනට පැමිණි අවස්ථාවේ ඊට පරීක්ෂණ කටයුතු කිරීමට අවසර ලබාදී නොතිබූ නමුත් පසුව දින දෙකක කාලයක් පරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගනු ලැබුවා. 

ඒ අනුවහෙට සහ අනිද්දා යන දෙදින තුළ මෙරට මුහුදු සීමාවේ බටහිර ප්‍රදේශයේ අදාළ නෞකාව සමග පරීක්ෂණ කටයුතුවල නිරත වන බව නාරා ආයතනය සඳහන් කළා. 

එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර, එම පරීක්ෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදුකර තිබේ.

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරන පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required