
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවේ ලක්නව් නුවර ඒකනා ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකටයි.
ඉන්දීය කණ්ඩායමේ අද වෙනසක් සිදු නොවනු ඇති බවට ක්‍රීඩා විචාරකයින් පවසනවා.
කෙසේ වෙතත්, Moeen Ali වෙනුවට Harry Brook සහ Mark Wood වෙනුවට Gus Atkinson අද තරගයට එංගලන්තයට ක්‍රීඩා කරනු ඇති.