/
/
title icon
සල්ලිකාරයින්ට සැර බද්දක්
සල්ලිකාරයින්ට සැර බද්දක්
Editor
1 year ago
Share:
සල්ලිකාරයින්ට සැර බද්දක්

විශාල දේපළක් හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 
මෙම බද්ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව බවයි ඔහු කියා සිටියේ. 
විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයන්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 
ඇතැම් දේපළ හිමියන්ගේ ඉඩකඩම් ඇතුළු දේපළ නිසි පරිදි ගණනය වී නොමැති බව පෙනී ගොස් ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. 
මේ සම්බන්ධයෙන් දැනටමත් යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යාංශයට ලැබී ඇති අතර, එම යෝජනා පිළිබඳවද අමාත්‍යාංශයේ ඉහළ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required