
හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසනවා.
මිය ගිය යාචකයා එම රසායනාගාරය ඉදිරිපිට නිදා සිටින අවස්ථා වලදී පැමිණ ඇති සැකකරු " උඹ නාන්නේ නෑ නේද ? නෑවේ නැත්නම් ගිනි තියනවා " මෙයට පෙර පවසා ඇති බවත් ඒ අනුව ඊයේ රාත්‍රි කාලයේදී ඒ ආකාරයෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදීම අසල්වාසීන් එක්ව යාචකයා රෝහල් ගත කර ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද උදෑසන මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පෙරැම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම - ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.