/
/
title icon
රාජ්‍ය සේවක වැටුප වැඩි කෙරෙන බවට අනාවැකි
රාජ්‍ය සේවක වැටුප වැඩි කෙරෙන බවට අනාවැකි
Editor
1 year ago
Share:
රාජ්‍ය සේවක වැටුප වැඩි කෙරෙන බවට අනාවැකි

 

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පණිවුඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.  

එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.  

මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත දිනය පමා කොට ගෙවීම ආදී පියවර අනුගමනය කිරීමට පවා රජයට සිදු වූ බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.  

එහෙත් අද වන විට සාකච්ඡා වන්නේ වැටුප් ගෙවන ආකාරය නොව වැටුප් වැඩි වන ප්‍රමාණය පිළිබඳව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සාම්ප්‍රදායික විපක්ෂයක් සමග ගමන් කරමින් රට නිවැරැදි දිශානතය කරා ගමන් කරවමින් සිටින අවස්ථාවක මෙම වැටුප් වැඩිවීම විපක්ෂයට සටන් පාඨ අහිමි කිරීමක් බව අමාත්‍යවරයා සඳහන් කළා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required