
1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
2353/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ඊට අදාළ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.