/
/
title icon
ඩයනාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභයි
ඩයනාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභයි
Editor
1 year ago
Share:
ඩයනාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා කියා සිටියේ.

එම පෙත්සම ඉදිරිපත් කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ඉල්ලා සිටියේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින්, ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙසයි.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required