
විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධාන කළ භික්ෂූණ් වහන්සේ ඇතුළු 6 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටියේ සිට කොළඹ දක්වා විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබුණා.
එහෙත්, පා ගමන ආරම්භයේදීම පොලීසිය විසින් පා ගමන ක්‍රියාත්මක නොකරන ලෙස දැනුම් දීමක් සිදුකිරීමත් සමග කලහකාරී ලෙස හැසිරුණු විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වුණා.
අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව සඳහන්.