පසුගිය ඔක්තෝබර් මාසයේදී රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා ගොස් තිබෙනවා.
මෙය රේගුව මාසයක කාලයක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම ලෙස වාර්තා අතරට එක්වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ.
බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහල නැංවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන්.
මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.