/
/
title icon
ඔක්ටේන් 92 බසී - අනෙකුත් මිල ගණන් නගී
ඔක්ටේන් 92 බසී - අනෙකුත් මිල ගණන් නගී
Editor
1 year ago
Share:
ඔක්ටේන් 92 බසී - අනෙකුත් මිල ගණන් නගී

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. 
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9 කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356 ක්. 
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා තිබෙනවා. 
ඒ අනුව එහි නව මිල රුපියල් 423 ක් වනු ඇති. 
ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356 ක්. 
සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. 
එහි නව මිල රුපියල් 431ක් වනවා. 
රුපියල් 242 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 249 ක්. 
ලංකා IOC සමාගමද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි.
එසේම, සයිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required