/
/
title icon
වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරනු අද වර්ජනයේ - වෛද්‍ය වර්ජනය අද ඌවට පමණයි
වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරනු අද වර්ජනයේ - වෛද්‍ය වර්ජනය අද ඌවට පමණයි
Editor
1 year ago
Share:
වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරනු අද වර්ජනයේ  - වෛද්‍ය වර්ජනය අද ඌවට පමණයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ඌව පළාතේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

ඒ, සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින්.  

අදාළ සංකේත වර්ජනය ඔවුන් පළාත් මට්ටමින් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව එය අද ඌව පළාතෙන් ආරම්භ කෙරෙනවා.  

ඒ අනුව පළාතේ වෛද්‍යවරුන් අද පෙරවරු 08.00 සිට පැය 24ක කාලයක් මෙලෙස සංකේත වැඩ වර්ජනයක නිරත වනු ඇති.  

අනතුරුව හෙට දිනයේදී උතුරු පළාතේත්, 06 වැනිදා වයඹ පළාතේත්, 07 වැනිදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.  

08 වැනිදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලයි.  

09 වැනිදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වනු ඇති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියා සිටියේ 10 වැනිදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයේ නිරත වීමට නියමිතව ඇති බවයි.

මේ අතර වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දින රජයේ සියලු විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required