
ඊජිප්තු දේශ සීමාවේ පිහිටි රෆා හරස් මාර්ගය විවෘත කිරීමත් සමග ගැටුම් හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් ගාසා තීරයේ සිරව සිටි සිවිල් වැසියන්ට ඊජිප්තුවට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ සමග 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකුට මේ වනවිට පිටව යාමට හැකි වී ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.
ගාසා භූමියෙන් පිටව ගිය අය අතර බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද සිටින බව සඳහන්.
ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.