/
/
title icon
රාජ්‍ය සේවා කොමිසම කමිටුවලට සාමාජිකයන් පත් කරයි
රාජ්‍ය සේවා කොමිසම කමිටුවලට සාමාජිකයන් පත් කරයි
Editor
1 year ago
Share:
රාජ්‍ය සේවා කොමිසම කමිටුවලට සාමාජිකයන් පත් කරයි

සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට නව සාමාජිකයින් පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදුකර ඇත්තේ වසර දෙකක කාලයක් සඳහායී.

ඒ අනුව සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති ධුරයට පත් කර ඇත්තේ ටී.එම්.එල්.සී.සේනාරත්න මහත්මියයි.  

එහි සෙසු සාමාජිකයින් ලෙස වෛද්‍ය හපුගොඩ මහතා සහ නිමල් සරණතිස්ස මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.  

වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන් හා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ප්‍රාථමික ශ්‍රේණියට පත්කිරීම, සේවය ස්ථිර කිරීම, වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම සහ විනය කටයුතු  සිදුකිරීම ඇතුළු කාර්යයන් රැසක් සෞඛ්‍ය සේවා කමිටුවට විසින් සිදුකරනු ලබනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන සේවා කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ජේ.ඒ.රංජිත් මහතායි.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එම්.එන්.කේ.වීරසිංහ මහත්මිය සහ ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පත්කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required