
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඩොලර් මිලියන 15 ක මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.
කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම ප්‍රදානය සිදු කෙරුණා.
එහිදී අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීමද සිදුකෙරුණු බවයි වාර්තා වන්නේ.