
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කෙරුණු ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා සුබ මොහොතින් අද උදෑසන රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා.
මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය සිවිල් ඉංජිනේරු උපාධියත්, මොරටුව විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ලබාගත් අයෙක්.
එසේම, බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වරලත් සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා.
1996 වසරේ සහකාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වූ ඔහු අනතුරුව වසර 27 ක කාලයක් පුරා දිස්ත්‍රික් ඉංජිනේරුවරයෙකු, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) ලෙස මෙන්ම අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම්) ලෙසින්ද කටයුතු කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා විශ්‍රාම ගැනීමත් සමග, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවරයා ලෙස එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.