
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ ලද අවමන් සහගත පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සූදානම් වනවා.
Facebook ඇතුළු සමාජ ජාල ඔස්සේ ඒ සඳහා ඇතැමුන් ඒ සඳහා පිරිස් කැඳවමින් ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අමිහිරි පරාජයන්වලට හේතු විමසමින්.
ඒ සමග ක්‍රිකට් ආයතනයට අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාවය සංවිධාන කරන බවයි පිරිස් වෙත ආරාධනා කෙරෙන අදාළ පළ කිරීම්වල ඇත්තේ.