/
/
title icon
ලිට්රෝ ගෑස් මිල ගණන් අද මැදියම් රැයේ සිට ඉහළට
ලිට්රෝ ගෑස් මිල ගණන් අද මැදියම් රැයේ සිට ඉහළට
Editor
1 year ago
Share:
ලිට්රෝ ගෑස් මිල ගණන් අද මැදියම් රැයේ සිට ඉහළට

ලිට්රෝ ගෑස් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.   

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 3,565 ක්.   

එසේම, රුපියල් 38 කින් ඉහළ නංවා ඇති කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,431 කට අලෙවි කෙරෙනු ඇති.   

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 18 කින්.    

ඒ අනුව එම සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 668 ක්.    

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙලෙස ලිට්රෝ ගෑස් මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.    

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required