
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළා.
අද තරගයට ආබාධයකට ලක්ව සිටි නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන්ද එක්ව සිටිනවා.
බැංගලෝරයේ එම්.චින්නස්වාමි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 06 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 401 ක්.
එහිදී කේන් විලියම්සන් ලකුණු 95 කට දැවී ගිය අතර, රචින් රවීන්ද්‍රා ලකුණු 108 ක් ලබා ගත්තා.