
වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කර තිබෙනවා.
සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වාගෙන යෑම, පොහොර සහනාධාරය ලබාදීම දිගටම කරගෙන යෑම, මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යළි ලබාදීම සහ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා නැති නොකිරීම එම ඉල්ලීම් හතර බව පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටියා.
තමාගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියකින් මෙම ඉල්ලීම් හතර ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළා.
රටේ දුප්පත්කම නැති කිරීමට ඇති හොඳම යාන්ත්‍රණය සමෘද්ධි ව්‍යාපාරය බැවින් එම ව්‍යාපාරය වෙනත් නම් ගෙනවිත් වෙනස් කිරීම සුදුසු නොමැති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.