/
/
title icon
සීනි බද්දට කලින් වෙච්ච වැඩක් ගැන සජිත්ගෙන් චෝදනාවක්
සීනි බද්දට කලින් වෙච්ච වැඩක් ගැන සජිත්ගෙන් චෝදනාවක්
Editor
1 year ago
Share:
සීනි බද්දට කලින් වෙච්ච වැඩක් ගැන සජිත්ගෙන් චෝදනාවක්

ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22,000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. 

සීනි බදු වංචාවේ පාඩුව පියවා  ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්. 

මෙම සීනි මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරුකීමට රජය කටයුතු කර ඇති බවත්, මෙවැනි වංචාවලට ඉඩ දී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමටදැයි සැකයක් මතුවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required