/
/
title icon
පොලිස් ඇප තැබීමට බීමතින් පැමිණි අයෙක් පොලිස් නිලධාරියෙකුට පහරදෙයි
පොලිස් ඇප තැබීමට බීමතින් පැමිණි අයෙක් පොලිස් නිලධාරියෙකුට පහරදෙයි
Editor
1 year ago
Share:
පොලිස් ඇප තැබීමට බීමතින් පැමිණි අයෙක් පොලිස් නිලධාරියෙකුට පහරදෙයි

මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම පුද්ගලයා බීමතින් පොලීසියට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී එය වැළැක්වීමට පොලිස් නිලධාරියා පියවර ගත් අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ. 

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

බීමතින් රිය පැදවීමේ වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පොලිස් ඇප අත්සන් කිරීම සඳහායි මෙම පුද්ගලයා බීමතින් පොලීසියට ඇතුළුවීමට උත්සාහ කර ඇත්තේ. 

එම අවස්ථාවේදී ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා ඔහු වැළැක්වීමට උත්සාහ කිරීමත් සමග පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ නම් කිහිපයක් පවසමින් මෙම පුද්ගලයා පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required