/
/
title icon
ක්‍රිකට්වලට අතුරු කමිටුවක් - ජනපති නොදන්නා බවට හෙලිවේ
ක්‍රිකට්වලට අතුරු කමිටුවක් - ජනපති නොදන්නා බවට හෙලිවේ
Editor
1 year ago
Share:
ක්‍රිකට්වලට අතුරු කමිටුවක් - ජනපති නොදන්නා බවට හෙලිවේ

ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ මහතා කටයුතු කරනු ලැබුවා. 

සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා විසින් දරන අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහවිශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරාඋපාලි ධර්මදාසනීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් එහි අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇති. 

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර, ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයා අද ජනාධිපති කාර්යාලයට  කැඳවා ඇති බව වාර්තා වනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධව විමසීමට අමාත්‍යංශ ලේකම්වරයා මෙලෙස කැඳවා ඇති බව සඳහන්. 

එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ප්‍රකාශ කළා. 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය වල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන්  මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්. 

ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා අනුමැතියක් ගෙන නැතැයිද මෙහිදී අනාවරණය වී තිබෙනවා. 

අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් අද සවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී ක්‍රීඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරුන් කිහිප දෙනකු සුදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කිමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරන නමුත් ක්‍රීඩා ඇමතිවරයා ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර නොමැති බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required