
බණ්ඩි පොහොර මිල තවත් 50% කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් 50% ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා.
ඒ අනුව බණ්ඩි පොහොර මිල 50% කින් අඩු කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියා.