
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන් වූ සියලු දෙනා අද මෙම කමිටුව හමුවට කැඳවෙනු ඇති.
එසේම, මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේද සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තලතා අතුකෝරල යන මහත්මීන් මේ සඳහා සහාය දක්වනු ඇති.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.