/
/
title icon
ඩීසල් තොගයක් ගොඩ බාන්නේ නැතිව පරීක්ෂණයකට
ඩීසල් තොගයක් ගොඩ බාන්නේ නැතිව පරීක්ෂණයකට
Editor
1 year ago
Share:
ඩීසල් තොගයක් ගොඩ බාන්නේ නැතිව පරීක්ෂණයකට

ලංකා IOC විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක්  පිළිබඳ මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.  
අද පාර්ලිමේන්තුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියා. 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ගැටලුවකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ඩීසල් ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ බෑමකින් තොරව නැවත හරවා යැවීමට පියවර ගන්නා බවයි. 
ඩීසල් තොගය සමග රැගෙන ආ  පෙට්රල් 92  තොගය තත්ත්ව පරීක්ෂාවෙන් පසු ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් නොවීම හේතුවෙන් ගොඩ බෑමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required