/
/
title icon
වැස්ස දුම්රිය සහ අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය පමා කරයි
වැස්ස දුම්රිය සහ අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය පමා කරයි
Editor
1 year ago
Share:
වැස්ස දුම්රිය සහ අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය පමා කරයි

අධික වර්ෂාවත් සමග අදත් ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 
මරදාන දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම නිසා විදුලි සංඥා බිඳ වැටීමෙන් දුම්රිය රැසක් ප්‍රමාද වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. 
මීරිගම - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මීරිගම දුම්රිය හරස් මාර්ගය අසල සිට නාල්ල පාර හන්දිය දක්වා කොටස  ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අඩි දෙකක් පමණ උසට ජල කද එක් රැස්වීමෙන් වාහන ගමනාගමනය ඇණහිටි අතර වෙළඳ ආයතන රැසකට මෙම ජලය ගලා යාමෙන් හානි සිදු වී තිබෙනවා. 
එසේම, කොළඹ - මහනුවර මාර්ගයට නෙළුන්දෙනිය ප්‍රදෙශයෙන් ගසක් කඩා වැටීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required