/
/
title icon
කැසිනෝවලට බදු සහන දුන්නේ නැහැ - සියඹලාපිටිය කියයි
කැසිනෝවලට බදු සහන දුන්නේ නැහැ - සියඹලාපිටිය කියයි
Editor
1 year ago
Share:
කැසිනෝවලට බදු සහන දුන්නේ නැහැ - සියඹලාපිටිය කියයි

කිසිදු කැසිනෝ ශාලා හිමියෙකුට කුමන ආකාරයක හෝ බදු සහනයක් ලබාදී නොමැති බවත්, ඔවුන් ලබන ආදායමෙන් 70% ක්ම බදු වශයෙන් ලබාගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පසුගිය කොවිඩ් සමයේදී අයවිය යුතු බදු ප්‍රමාණයක් කපා හරින ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත්, එය මේ වනවිට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කිසිදු නියාමනයක් නොමැතිව තිබූ කැසිනෝ ක්‍රීඩාව මේ වසරේ සිට නියාමනයක් සහිතව පවත්වාගෙන යන බවත් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වසර 05 ක ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් කෝටි 50 ක මුදලක් අයකරන බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required