/
/
title icon
තැපැල්පතිගේ තීරණයට පිටු පා තැපැල් සේවකයින් වර්ජනයේ
තැපැල්පතිගේ තීරණයට පිටු පා තැපැල් සේවකයින් වර්ජනයේ
Editor
1 year ago
Share:
තැපැල්පතිගේ තීරණයට පිටු පා තැපැල් සේවකයින් වර්ජනයේ

තැපැල් වෘත්තීය සමිති දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්. 


ඒ අනුව ඊයේ මැදියම් රැයේ සිට දෙදින සංකේත වර්ජනයක් ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා. 


ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කළ යුතු බවයි. 


කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වන පරිදි අද, හෙට සහ ඊට පසුදින යන තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති  බව තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required