/
/
title icon
පැය හතලිස් අටේ තැපැල් වර්ජනය අද මැදියම් රැයෙන් අවසන්
පැය හතලිස් අටේ තැපැල් වර්ජනය අද මැදියම් රැයෙන් අවසන්
Editor
1 year ago
Share:
පැය හතලිස් අටේ තැපැල් වර්ජනය අද මැදියම් රැයෙන් අවසන්

තැපැල් සේවකයින් ආරම්භ කළ පැය 48ක සංකේත වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ සිට තැපැල් සේවකයින් මෙම වර්ජනයේ නිරත වනවා.

කෙසේ වෙතත්, තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා.

එමෙන්ම, ඊයේ දින සිට දින 03ක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

කෙසේ වෙතත්, සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරින් ඉදිරියේ දී කටයුතු නොකරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required