
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හමුවේ සිදුවන විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් පැමිණිලි CEB Care ජංගම දුරකතන යෙදවුම හෝ 1987 ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය බිඳ වැටීම් පිළිබඳ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා කියා සිටියේ.
එබැවින් ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් පැමිණිලි යොමු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටිනවා.
පවතින තත්ත්වයන් හමුවේ කඩිනමින් බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට පැය විසිහතර පුරාම මණ්ඩලය කටයුතු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.