/
/
title icon
වැස්සෙන් කුඹුරු අක්කර 11,757 ක් විනාශයි
වැස්සෙන් කුඹුරු අක්කර 11,757 ක් විනාශයි
Editor
1 year ago
Share:
වැස්සෙන් කුඹුරු අක්කර 11,757 ක් විනාශයි

අස්වනු නෙලීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර  11,757 ක් පැවති දැඩි වර්ෂාව හේතුවෙන් විනාශයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පසුගිය යල කන්නයේ වගා කරන ලද කුඹුරු දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන වැස්ස සහ ජල ගැලීම් තත්ත්වයන් හේතුවෙන් විනාශයට ලක්ව ඇති බව සඳහන්.  

වැසි තත්ත්වය ඇති වීමට පෙර පැවති වියළි කාලගුණික තත්ත්වය ‌නිසා කුඹුරු අක්කර 64,088 ක වගා හානි වාර්තා වුණා.

නියඟය නිසා සිදුවූ වගා හානිවලට පළමුවෙන්ම වන්දි ලබාදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට මේ වනවිට උපදෙස් ලබාදී තිබෙනවා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required