
කිසියම් අයුරකින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස හයක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සාහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ලබන සඳුදා තමන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවට යන බවත්, ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත් මෙහිදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ වනවිට නීතිපතිවරයා වෙත තබා ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා තමා පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් මෙහි කටයුතු සිදුකරන බව කියා සිටියා.