
අමිහිරි පරාජයන් රැසක මතක ඉතිරි කළ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු පමණයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා මෙලෙස දිවයිනට පැමිණ තිබුණා.
කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඔවුන්ට පිටව යාම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණද, බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වෙනදාට වඩා වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබූ බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.


