/
/
title icon
ජනාධිපතිවරණය කවදාද?
ජනාධිපතිවරණය කවදාද?
Editor
1 year ago
Share:
ජනාධිපතිවරණය කවදාද?

එළැඹෙන ජනාධිපතිවරණය ලබන වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතුව ඇති බව සීමානිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

එලෙස සිදුකළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කළා.

මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required