
තමාට අමුතුවෙන් හරිහම්බ කර ගැනීමට දෙයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සිදුකළ ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමා මුදල් තිබුණු පවුලක පුද්ගලයෙකු බවයි.
ඇමතිතුමා කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවොත් කව්ද හොරා කියලා පෙනේවි යැයිද ශම්මි සිල්වා මහතා තවදුරටත් ප්‍රකාශ කළා.
තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ශත පහක මුදලක් සොරාගෙන නොමැති බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.
මිනිසුන් ඇවිස්සී සිටින බැවින් ගෙදර නොසිටින ලෙස පොලිසියෙන් පැමිණ තමාට පැවසුවේ යැයි පැවසූ ශම්මි සිල්වා මහතා තමාගේ ආරක්ෂාවට මේ වනවිට ගැටළුවක් ඇතැයිද ප්‍රකාශ කළා.