ශ්‍රී ලංකාව ඉකුත් වූ වසර දෙකක කාලය තුළ තුළ මුහුණ දුන් අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දීපවාලී උත්සවය වෙනුවෙන් කොළඹ දී ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සශ්‍රීකත්වයේ පහන් එළි දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත්, ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වනු ඇති බවයි.
අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන දීපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.