
මෙවර මහ කන්නයේදී වැඩි වශයෙන් කීරි සම්බා වගා කිරීමට ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ දිනවල වෙළෙඳපොලේ කීරි සම්බා සහල්වල විශාල හිඟයක් ඇතත්, එම හිඟය සහල් මාෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රටේ තිබුණත්, ඇතැම් සහල් මෝල් හිමිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳපොලට සැපයීම අවම කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.
කීරි සම්බා අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුණත්, මේ වනවිට කීරි සම්බා සහල් කිලෝව රුපියල් 305ත්, 310 ත් අතර මිලකට අලෙවි වනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් කළද බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කරන ජාවාරමක නිරත වන බවයි.