/
/
title icon
ක්‍රීඩා ඇමති රොෂාන්ගේ තර්ජන ගැන රහස් පොලීසියට පැමිණිලි කරයි
ක්‍රීඩා ඇමති රොෂාන්ගේ තර්ජන ගැන රහස් පොලීසියට පැමිණිලි කරයි
Editor
1 year ago
Share:
ක්‍රීඩා ඇමති රොෂාන්ගේ තර්ජන ගැන රහස් පොලීසියට පැමිණිලි කරයි

තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඊයේ පෙරවරු 11.00 ට පමණ අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිලි රැසක් සහිතව මෙම පැමිණිල්ල භාරදී ඇති බවයි වාර්තා වන්නේ. 

පැමිණිල්ල ඉදිරිපත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන්  කළ විමසුමකදි   ක්‍රිකට් සම්බන්ධයෙන් හා තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි බවත්, ඉදිරියේ දී ඒවා මාධ්‍ය වෙත දැනුම් දෙන බවත් අමාත්‍යවරයා කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required