
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කළා.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ මතු වූයේ උණුසුම් තත්වයක්.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ දැඩි කථිකාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.