
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගත්තා.
ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
නවසීලන්තය සමඟ 'වන්කඩේ' ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළා.
පිළිතුරු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ, ලකුණු 327ක් පමණයි.
නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නියැලුනු ඩාර්ලි මිචෙල් ලකුණු 134ක් රැස් කළා.