/
/
title icon
ඔස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට
ඔස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට
Editor
1 year ago
Share:
ඔස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරදවා කඩුළු 03 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. 
කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී තරගය පැවැත්වුණා. 
එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කර ගනු ලැබුවා. 
නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සමත් වුණත්, අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩේවිඩ් මිලර් සහ හෙන්රික් ක්ලාස්සන් ලකුණු 95ක සබඳතාවයක් ගොඩනගමින් ඉනිම ශක්තිමත් කළා.  
දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස්කර ගත්තා. 
ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා. 
ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required